Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයත් එක්වෙයි

“REBUILDING SRI LANKA” අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් මිලියනයක චෙක්පතක් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත භාරදීම අද (03) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මෙම අවස්ථාවට සංගමයේ සභාපති පදුල ශ්‍රී රෝහණ ද සිල්වා මහතා සමග විධායක කමිටුව නියෝජනය කරමින් මහේෂ් ගම්මම්පිල, ඩබ්ලිව්.ජී.අමිල ඉන්දික, ටී.ශ්‍රීරජීවන් සහ චමින්ද අරුණ කුමාර පරණමාන යන මහත්වරුන් සහභාගී විය.

එහිදී ජනාධිපති ලේකම් විසින් සංගමයේ දායකත්වය අගය කරමින් ඉදිරියේ රට ගොඩනැගීම පිළිබඳ අදහස් ලබාගැනීම ද සිදුවිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ජනපති  අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ ලිපිය පහත දැක් වේ.

END/GONP/MMP/03122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed