විදේශීය පරිත්‍යගශීලින් එවන මානුෂීය අධාර සියල්ල තීරුබදු සහ ගාස්තුවලින් නිදහස්!

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විදේශයන්හි සිට  එවනු ලබන මානුශීය ආධාර සියල්ල රේගු බදු රහිතව නිශ්කාශනය කර ගත හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

විදේශයෙන් ලබා දෙන මානුෂිය ආධාර සම්බන්ධයෙන් රේගුව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඊයේ, දෙසැම්බර් (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඒ  මහතා මේ බව පැවසීය.

තවද මානූෂිය ආධාර එවන විට හැකි සෑම අවස්ථාවකදීම ආපදා මධ්‍යස්ථානය හරහා එවීමෙන් නිෂ්කාශන කටයුතු තවදුරටත් පහසුවෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සහ විවිධ සංවිධාන, ආපදාවට පත් වූ මෙරට ජනතාවට ආධාර ලබා දීමට සූදානමින් සිටින බවත්, එසේ ලැබෙන ආධාර සියල්ලම ඉතා ඉක්මනින් රේගු බදු ගේවිමකින් තොරව නිෂ්කාශණය කිරීම සඳහා සරළ ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් ඒ මහතා  වැඩිදුරටත් පැවසීය.

මෙම  ක්‍රමවේදය පිළිබඳ ශ්‍රී ලංකා රේගුවේ www.customs.gov.lk වෙබ් අඩවියේ ජනතාවට ප්‍රසිද්ධ කර  ඇති බවත් මානුෂිය ආධාර ලෙස  ශ්‍රී ලංකාවට එවිය හැකි භාණ්ඩ සම්බන්ධ විස්තරයක් donate.gov.lk වෙබ් අඩවියේන් බලා ගැනීමට  හැකි බවද පැවසුවේය.මෙහි සඳහන් භාණ්ඩ පමණක් එවිය යතුයි යන්න කොන්දේසියක් මෙහි නොමැති බවත් අමතර භාණ්ඩ එවීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් මානුෂීය අධාර වශයෙන් ලැබෙන භාණ්ඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා එවන්නේ නම් ඉතා ඉක්මනින් නිශ්කාෂණය කටයුතු සිදුකළ හැකි බවද සඳහන් කළේය

විදේශයක සිට මානුෂිය ආධාර ලබා දීමේදී, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  නමට හෝ අපදා කළමනාකරණ මධස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නමට යොමු කරන ලෙසත් එටිට  තීරුබදු ඉවත් කර අනෙකුත් බලපත්‍ර ආදි සීමාවන් ලිහිල් වී,  කඩිනම්න් මෙම නිශ්කාෂණ කටයුතු සිදු කර ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම මානුෂිය භාණ්ඩ යම් පුද්ගලයෙකුට හෝ යම්කිසි සංවිධානයකට එවීම සම්බන්ධයෙන්ද ගැටලුවක් නොමැති බවත්,  එහෙත්  එම ආධාර සුදුසු පුද්ගලයන්ට ලැබෙනවාද යන්න පිළිබදව සහතිකයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම මානුෂිය අධාර තෝරා නැව් හෝ ගුවනින් ශ්‍රී ලංකාවට එවීමට හැකි බවත්, එම භාණ්ඩ එවීමේදී එම භාණ්ඩ සම්බන්ධ විස්තරයක් සහ ප්‍රමාණයක් පිළිබඳව විස්තරයක් (Packing List) සහ එම භාණ්ඩවල විටිනාකමත් සඳහන් කරන ලෙසත් එම භාණ්ඩ භාර දුන් බවට වන ලියවිල්ල ද භාණ්ඩ ලංකාව ලැබීමට පෙර ආපදා කළමනාකරණ මධස්ථානය වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කිරීමට කටයතු කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධ සියලු විස්තර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ සඳහන් වන බවද කීය.

මෙම භාණ්ඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වෙත යොමු කර ඇත්නම් එම භාණ්ඩ පිළිබඳ ලියවිල්ල ඉදිරිපත් කල විට ඉතාම සරළ ක්‍රමයක් හඑරා රේගුවේන් නිෂ්කාශනය කර ගැනිමට සකසා ඇතැයිද කිය

මේ භාණ්ඩ පහසුවෙන් නිෂ්කාශනය කර ගැනීමට  කොළඹ වරායේ සහ කටුනායක ගුවන් තොටුපළේ පැය 24 පුරාවට නිලධාරීන්  යොදවා ඒකකයක් ස්ථාපිත කර ඇතැයිද සඳහන් කළේය.

රටට භාණ්ඩ ආනයන කිරීමේදි යම් යම් සීමා පනවා ඇති නමුත් එය මිනිසුන්ගේ සුබ සිද්ධිය සඳහාම පමණක් බවත් විශේෂයෙන් බෙහතේ ද්‍රව්‍ය සහ අහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් රෙගුලාසින් ඇති බවත් එම තත්ත්වයන්වලට අනුකූලව එම ද්‍රව්‍ය එවිමට කටයතු කරන ලෙසද පැවසුවේය.

END/GONP/MMP/03122025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed