කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා මධ්‍යස්ථානවල 20,000ට අධික පිරිසට අවශ්‍ය පහසුකසම් සලසා තිබෙනවා – දිස්ත්‍රික් ලේකම්

මෙම පුවත දෙසැම්බර් 01 දා පිළිබදවයි

ගං වතුරෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂතතා මධ්‍යස්ථානවල සිටින 20,000ට අධික පිරිසට අවශ්‍ය පහසුකසම් සලසා තිබෙනව බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය. දෙසැම්බර් 01)දා වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 63, 047කට අයත් පුද්ගලයන් 246,359 දෙනෙක් පීඩාඩවට පත් ව ඇති බවත් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා  වැඩිදුරටත් පැවසීය.

සුරක්ෂිත කඳවුරුවල 20,000කට අධික පිරිස සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ප්‍රාදේශීය ලේකම්වරු සහ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සිදු කරන බවද ඒ මහතා පැවසීය.

මේ වනවිට අවතැන් වූවන් සඳහා විශාල වශයෙන් අධාර ලැබෙමින් තිබෙන බවත්,  එය රාජ්‍ය නිලධාරින්ට විශාල සහයක් බවත් පෙන්වා දුන්  දිස්ත්‍රික් ලේකම්වරයා අධාර ලබාදෙ‍ෙපරිත්‍රාගශීලීන්ට ස්තුතිය පුද කර සිටියේය. තවද ඔබ ලබාදෙන අධාර  සෘජුව එම පුද්ගලයින්ට  ලබාදීමට යාමේදී අනතුරට ලක්වීමේ හැකියාවක් ඇති බවත් එය සහන සේවා සඳහා බාධාවක් බවද ඒ මහතා පැවසීය. ආධාර ලබා දීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ  ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් සිදු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටියේය.

සීතාවක,කඩුවෙල්,කොළොන්නාව සහ කොළඹ දිස්ත්‍රික්වලට තවමත් ගංවතුර අධික වශයෙන් තිබෙන බවත් අද දවසෙන් පසුව එහි යම් අඩුවීමක් සිදු වෙන ඇතැයිද ඒ මහතා පැවසීය. කඩුවෙල  ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ නාවික හමුදා කණ්ඩායම් 02ක් සහ බෝට්ටු 20ක් යොදවා ඇති බවත්, බේරා ගැනීම් අඛණ්ඩව සිදු වන බවද කීය.

END/GONP/MMP/03122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed