ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබා දෙයි!

දිවයිනටම බලපා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති වගා හානිවලට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කඩිනම් හානි පූර්ණ ක්‍රියාවලියක් අරඹා ඇත.

මෙය කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යතුමාගේ උදෙස් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ මඟින් අනිවාර්ය රක්‍ෂණයට අදාල බෝගයන් වන වී, බඩ ඉරිඟු, ලොකුලූණු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන් වලට සිදුවී ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට නියමිතව ඇත.

දැනට පවතින තත්වය යටතේ ඉහත වගාවන් වලට සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ගංවතුර බැසගිය වහාම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඇති වල හානි දැනුම්දී‍මේ පොත් වල සිදුවී ඇති හානිය පිළිබදව සටහන් කරන ලෙසත්, ජලය බැසයාමක් සිදු වන්නේ නැති නම් ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී මහතාට හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහතා දැනුවත් කරන ලෙසත් ගොවීන්ට දන්වා සිටි.

හානි වාර්තා කිරීම සඳහා මාසයක කාලයක් පවතින බැවින් අදාල ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන වන්දි මුදල් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දිවයින පුරා පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මඟින් හැකිතාක් ගොවීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම, සෙසු වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධව ද වගාව පිහිටි ස්ථානයට අදාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවත්වාගෙන ලබන හානි වාර්තා කිරීමේ පොත් වල සටහන් කිරීම ගොවි මහතුන් විසින් සිදුකල යුතුවේ. මීට අමතරව හානි දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා ගැටළු සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංකය වන 1918 මඟින්ද ගොවීන්ට සම්බන්ධ වීමට පහසුකම් සලසා ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය ඒකාබද්ධව මෙම වගා හානි වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.

END/GONP/MMP/03122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed