මහ ඔය ද්‍රෝණීයට අධි අවදානම් ගංවතුර තත්වයක්- වහා ඉවත් වන්න!
ඉදිරි පැය 24 ක කාලය තුළ මහ ඔය ද්රෝණීය පහළ ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ වන විට මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානයන්ට අධීක වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපකවල විශ්ලේෂණයන්ට අනුව එම ද්‍රෝණියේ පහත් බිම්වලට ඉතිහාසයේ ඇති නොවුන මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවත් සඳහන් කර තිබේ.
ඒ අනුව එම පහත්බිම්වල ජීවත්වන ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂීත ස්ථාන වෙත ගමන් ගන්නා ලෙසත් එම නිවේදනයෛන් අවධාරණය කෙරේ.
END/GONP/MMP/29112025
