අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ පිළිබඳ පැතිර යන කටකතා අසත්‍යයි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල කාන්දුවීම් පවතින බවට පැතිරෙන කටතකා අසත්‍ය බව එම දෙපාර්මේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පවසයි.

ජලාශ බිඳීයාමේ හෝ කපා යාමේ කිසිදු තත්වයක් ඇතිවී නොමැති බවත් මේ වන විට අනුරාධපුර ප්‍රදේශයේ පවතින ජලාශ සියල්ලකම වාන් දොරටු පාලනය කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ජල මට්ටම් පාලනය වී ඇති බැවින් කිසිදු එවන් තත්වයක් ඇති නොවන බවත් එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඒ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවත් ඒ මහතා අවධාරණය කරයි.

END/GONP/MMP/29112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed