බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන්න

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) ගුවන් මගීන්ට දැනුම් දෙයි.

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලව් ඇත.

මෙම කාලය තුළ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට ගෙන නොඑන ලෙසත් සියලුම ගුවන් මගීන් ආරක්ෂිතව සහ වගකීමෙන් කටයුතු කරන ලෙසත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩි දුරටත් ඉල්ලා සිටියි.

END/GONP/MMP/28112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *