ලෝක ධීවර දිනයට සමගාමීව “Aqua Planet 2025” ජාත්‍යන්තර වැඩමුළුව ඇරඹෙයි
“Aqua Planet 2025” – ලෝක ධීවර දිනය සමරන අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් සුළු පරිමාණ ධීවර කර්මාන්තය කළමණාකරන සැලැසුම් සකස් කිරිම පිළිබඳ වැඩමුළුව ඇරඹෙයි
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ජාත්‍යන්තර කෘෂිකර්ම සංවිධානය (FAO) සහ බෙංගාල බොක්ක අන්තර් රාජ්‍ය සංවිධානය (BOBP-IGO) සමඟ එක්ව, ලෝක ධීවර දිනය 2025 “Aqua Planet 2025” ප්‍රදර්ශනය සමග, සුළු පරිමාණ ධීවර කර්මාන්තය කළමණාකරනය සඳහා ජාතික ක්‍රියාත්මක සැලැස්ම (NPOA-SSF) දකුණු ආසියානු රටවල් සඳහා සකස් කිරීමේ ජාත්‍යන්තර වැඩමුළුව සංවිධානය කර ඇත.
මෙම වැඩමුළුව 2025 නොවැම්බර් 20 සිට 22 දක්වා කොළඹ ලෝටස් ටවර්හි 25 වන මහලේ ග්‍රවනාගාරයේ පවත්වන අතර මේ සඳහා ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින හා ශ්‍රී ලංකාවේ ,ධිවර අමාත්‍යංශයේ ඉහළ නිළධාරින්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ක්ෂේතුය පිළිබඳ දකුණු ආසියාවේ විශේෂඥ දැනුම ඇති විද්වතුන් සහභාගි වේ. 21 වෙනි දා පැවැති සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය. ඒ තවදුරටත්, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ජේ. කහවත්ත, අමාත්‍යාංශයේ සෙසු උසස් නිළධාරි, FAO සහ BOBP-IGO ආයතන වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්, එමෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඉහළ නිළධාරින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මගපෙන්වීම මත සුළු පරිමාණ ධිවර කර්මාන්තය කළමණාකරනය සඳහාවු ජාතික ක්‍රියාත්මක සැලැස්මක් (NPOA-SSF) සකස් කිරීම සඳහා ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව මෙම වැඩමුළුව තුළින් ඉතා වැදගත් පියවරක් ගනී. ශ්‍රි ලංකාවේ ධිවර කර්මාන්තයේ වැඩි දායකත්වයක් මෙන්ම රට තුළ ආහාර සුරක්ෂිතතාව හා ප්‍රෝටීන අවශ්‍යතාවේ වැඩි දායකත්වය දරණ සුළු පරිමාණ ධිවර කර්මාන්තය තිරසර ලෙස පවත්වා ගෙන යාම මෙහි අරමුණ වේ. එමෙන්ම කරදිය හා මිරිදිය සුළු පරිමාණ ධිවර කර්මාන්තය ශක්තිමත් කිරීමත් සමඟ, ධිවරයන්ගේ ආර්ථික හා සමාජ සුබසාධනය උසස් කිරීම සහ සාගර සම්පත් හා ජලජ පරිසරය රැක ගැනීම අරමුණු වේ.
කුඩා පරිමාණ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NPOA-SSF) සකස් කිරීම ආරම්භ කිරීම සඳහා, රට පුරා විවිධ කුඩා පරිමාණ ධීවර කර්මාන්තය අංශ නියෝජනය කරන ප්‍රධාන කොටස්කරුවන් කැඳවීම සඳහා ජාතික වැඩමුළුවක් සංවිධානය කෙරේ. කරදිය හා මිරිදිය ආශ්‍රිත විශේෂිත ගැටළු, අපේක්ෂාවන් සහ ප්‍රමුඛතා හඳුනා ගැනීම අරමුණු කරගෙන මෙම වැඩමුළුව ක්‍රියා කරනු ඇත.
මෙම සහභාගීත්ව ප්‍රවේශය හරහා, කුඩා පරිමාණ ක්ෂේත්‍ර වල වත්මන් තත්ත්වය තක්සේරු කිරීමට, ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීමට සහ සම්පත් කළමනාකරණය, වෙළඳපල ප්‍රවේශ හා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ සමාජ ආරක්ෂාවට අදාළ අභියෝගවලට මුහුණ දීමට පාර්ශ්වකරුවන් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇත.
නොවැම්බර් 21 දිනට යෙදි ඇති ජාත්‍යන්තර ධීවර දිනය දකුණු ආසියාවේ ධිවර අංශ වල ඉහළ නිළධාරින් සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රි ලංකා මාලදිවයින් නියෝජිත සහ එහි මුලස්ථාන නිළධාරින්ද බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල ඒකාබද්ධ සංවිධානය වන BOBP-IGO ආයතන ප්‍රධානින් සහභාගිත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයේන් දකුණු ආසියාවේ ධිවර දින සැමරුම නෙලුම් කුලුන පරිශ්‍රයේ දී පැවැත්වේ.
END/GONP/MMP/22112025
