නායගිය තැනින් කොළඹ-නුවර පාර සම්පූර්ණයෙන් වැසෙයි – වසන්ත රෝහණ

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල් මාර්ග භාවිතාකර ලෙස මාවනැල්ල පොලීසිය උපදෙස් ලබා දී ඇත.

මෙම අනතුරින් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර, තුවාල ලැබු තවත් සිවුදෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත්  තිබේ.

එමෙන්ම වෙළඳසැලෙහි සිටි කිහිපදෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.

හිඟුල ප්‍රදේශයට වඩාත් ආසන්න ප්‍රදේශයක මෙම අනතුරට ලක් වූ වෙළෙඳසැල හා ඊට යාබදව නිවසක්ද පිහිටා තිබූ බව වාර්තා වේ.

එම ප්‍රදේශය තද බෑවුම් සහිත ස්ථානයක පිහිටා ඇති අතර, ඊට පිටුපසින් තිබූ පස් කන්දක් මෙලෙස කඩාවැටී තිබේ.

සුන්බුන් අතර සිටිවී සිටින සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි වුණත්, කිහිපදෙනෙක් අනතුර පත්ව ඇති බව වාර්තා වේ.

මෙම වෙළෙඳසැල කෙටි ආහාර අලෙවිකරන ස්ථානයක් වන අතර, ඒ හේතුවෙන් තේ පානය බොහෝ පිරිස් පැමිණෙන ස්ථානයක් බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed