එක්සත් රාජධානියට අධික සීතලක් – හිරුණි ලක්ෂිකා

එක්සත් රාජධානියේ මෑත කාලය තුළ සරත් ඍතුවේ වාර්තා වූ ශීතලම දිනය ඊයේ (21) රාත්‍රියේ උදාවී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා පහත වැටීම මීට හේතු වූ බවය.

මෙය සැලකෙන්නේ වසර 15කට පසු නොවැම්බර් රාත්‍රියක (සරත් ඍතුවේ) වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙසය.

ස්කොට්ලන්තයට අමතරව වේල්සයේ උෂ්ණත්වය -7.2Cක් දක්වාද, උතුරු අයර්ලන්තයේ උෂ්ණත්වය -6Cක් දක්වාද, එංගලන්තයේ උෂ්ණත්වය -6.7C දක්වාද පහත වැටී තිබේ.

එය ජනවාරි 11න් පසු එම රටවල වාර්තා වූ සීතලම රාත්‍රියන් වී ඇත.

මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය අවදානම් ඇති පුද්ගලයන්ට අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය ඔවුන්ට ‘සැලකිය යුතු බලපෑම්’ ඇතිකළ හැකි බවය.

මේ අතර ඇතැම් ප්‍රදේශවල අඟල් කිහිපයක් උස හිම පතනයක් ඇතිව තිබෙන බවද සඳහන්.

සරත් ඍතුව නැතහොත් සරත් කාලය සතර ඍතූන්ගෙන් තෙවැන්නය.

ගිම්හාන කාලයෙන් ශීත කාලයට මාරුවන සංක්‍රාන්ති අවදිය සරත් කාලය වේ.

උතුරු අර්ධගෝලයට මෙම කාලය නොවැම්බර් මසදී උදාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed