2026 සිට රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක් – හිරුණි ලක්ෂිකා

විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය (Demerit Points system) හඳුන්වා දෙන බවයි.

මෙකී නව යාන්ත්‍රණය මගින් මෙරට මාර්ගවල මාර්ග නීති නැවත නැවතත් උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීම සිදුවනවා.

ඒ අතර ආරක්ෂිත රිය පැදවීම සම්බන්ධයෙන් දිරිමත් කිරීම අරමුණු කරන බවයි සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *