ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ආන්තිකරණයට ලක් වූ කාන්තාවන් සවි බල ගැන්වීම  –   මොහොමඩ් ආසික්

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යන්න අද වන විට ලෝකය පුරා කතා බහට ලක්වන ප්‍රධාන මාතෘාවක් බවට පත්ව තිබේ.  විශේෂයෙන් ආන්තීකරණයට ලක් වු කාන්තාවන මුහුණ දෙන නෙක විද ගැටළු හඳුනා ගැනීමත් ඒ්වා නිරාකරණයට දායක වීමත් තුල මෙම මාතෘකාව වඩාත් තීව්‍ර වී තිබේ.

කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩි වගකීමක් මාධ්‍ය වෙත පැවරෙන්නේ මෙවන් පසුබිමක් තුලයි.

තම ඉරණම තීරණය කිරිමට කාන්තාවන්ට ඉඩ දෙමු  යන තේමාව  යටතේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා කොළඹ දී පැවැත්විණ.

සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය සහ ස්වේච්ඡා සංවිධාන කළමණාකරණ සංවර්ධන මධ්‍යස්ථානය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණ. සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ  මාධ්‍ය පර්යේෂක ආනන්ද ජයසේකර මහතා ආන්තීකරණයට ලක් වු කාන්තාවන් සම්බන්ධව සහ ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරිම් සිදු කළහ. මෙම වැඩමුළු වේ ඉදිරිපත් වූ තොරතුරුවලින් මෙම ලිපිය සැකසේ.

ආන්තීකරණයට ලක් වූ කාන්තාවන් අතර ලිංගික ශ්‍රමක කාන්තවන්, ආබාධ සහිත කාන්තාවන්, මෙන්ම කිසිදා විවාහ නොවූ කාන්තාවන්ද ඇතුළුව සංක්‍රාන්තික ප්‍රජාව, සුළු ජාතික කාන්තාවන් වතු කම්කරු කාන්තාවන් ඇතුළු අංශ ගණනාවක කාන්තාවන් ඇතුලත් වෙති.

ආන්තීකරණයට ලක් වූ කාන්තාවන් සම්බන්ධයෙන් කතා කිරීමේදී සමාජ පරිවර්ථනයක් උදෙසා  ප්‍රතිපත්තිමය වෙනස් වීම  සහ මැදිහත්කරුවන්ගේ මැදිහත් වීමට රාජ්‍ය සහ සිවිල් සංවිධානවල සංවේදී බව නැති වුවොත් ඒ සඳහා වන  මැදිහත් වීම  ඇති විය හැකියි.මාධ්‍ය තුල සිත් ඇද ගන්නා පුවතක් පමණක් නම් දකින්නේ  මාධ්‍ය කරුවන් ලෙස වගකීමක් ඉෂ්ඨ කරන්න  තියෙන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.

සංවර්ධන පහසුකම් සැලසීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිදු කර ඇති පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ  කිසිදා විවාහ නොවූ කාන්තාවන්ගෙන් සියයට 70.3 ක් වයස අවුදරු 40 ත් 60 ත් අතරත් තවත් සියයට 29.6 ක් අවුරුදු 61 ට වැඩි කාන්තාවන් බවත් හෙළි වී ඇත.

මෙම පර්යේෂණය අනුව කිසිදා විවාහ  නොවු කාන්තාවන්ගෙන් සියයට අටක් පාසැල් නොගිය කාන්තාවන් වෙති. සියයට 17 ක් ප්‍රාථමික අධ්‍යාපනය ලබා තිබූ අතර සියයට38.5 ක් හය වන ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබිණ. කිසිදු විවාහ නොවු කාන්තවන්ගෙන් සියයට 64.5 ක් සාමාන්‍ය පෙළ සමත් නොවු කාන්තාවන් වීමෙන් පෙනී යන්නේ කිසිදා විවාහ නොවූ කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණය අඩු අධ්‍යාපන මට්ටමක් සහිත පිරිසක් බවයි. කෙසේ නමුත් උපාධිය සහ ඩිප්ලෝමා සමත් කිහිප දෙනෙකුද මේ අතර සිටිති.

කිසිදා විවාහ නොවූ කාන්තාවන්ගෙන් සියයට‍ 79.7ක්   තම පවුලේ සාමාජිකයින් සමඟ ජීවත් වන අතර සියයට 30.7 ක් පවුලේ සාමාජිකයින් සමඟ ජීවත් නොවන බව මෙම පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

කිසිදා විවාහ නොවු කාන්තාවන්ගෙන් සියයට 57.2 ක් ම රුපියල් 10,000 කට අඩු ආදාමක් ලබන බවත් රුපියල් 40,000 කට ආසන්න මුදලක ආදායමක් ලබන පිරිසක්ද සිටිති. කිසිදා විවාහ නොවු කාන්තාවන්ගෙන් සියයට 50 කට තමන් උපයන ආදායම තමන්ගේ මතය අනුව වියදම් කිරීමට හැකියාව තිබුණද තවත් අඩකටම ඒ සඳහා දෙමාපියන්ගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගේ උපදෙස් අවශ්‍ය වෙයි.

මෙම කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් අවිධිමත් රැකියාවල නිරත වන බැවින් ලැබෙන ආදායම නිශ්චිත නොවෙයි.

සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ කාන්තාවන්ගෙන් සියයට 22.1 ක් පවසා ඇත්තේ ඔවුන්ට හිරිහැරවලට සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවූ බවයි. ඔවුන්ගෙන් සියයට 91.2 ක් වාචික හිංසනයට ලක්ව ඇති අතර මුළුප්‍රමාණයෙන් සියයට 78.1 ක් මානසික චිත්තගීය හිංසනයට ලක්ව ඇති බවයි.සියයට 11 ක් ශාරිරික සහ සියයට 12.4 ලිංගික හිංසනවලට ලක්ව ඇති බවත් මෙම සමීක්ෂණය මගින් හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *