උඩරට දුම්රිය සේවා නානුඔය දක්වා සීමා කරයි – නයනානන්ද බුවනෙක
බදුල්ල සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට වැටී තිබූ පස් කන්ඩියක ගැටී තිබෙනවා.
ඉන් අනතුරුව දුම්රිය පිලීපැන ඇති අතර, මේ හේතුවෙන් කොළඹ සිට දුම්රිය ගමනාගමනය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඊයේ දිනයේදී ද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් ඔහිය දුම්රිය ස්ථානය අසළදී පිලීපැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූවා.
පසුව දුම්රිය පීලිගත කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණා.
