මත්ද්‍රව්‍ය පාර්සල් ස්ටිකර් මුද්‍රණ සිද්ධියටත් NPP සම්බන්ධයි – මන්ත්‍රී ප්‍රේමනාත්
පොලීසිය විසින් සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කරුණු රැසක් ඊයේ (16) හෙළිකළ බව මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය සිකුරාදා (14) මෙම සළකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානය වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගනු ලැබීණි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කළේ, එම ආයතනයේ හිමිකරු ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවය. එමෙන්ම මෙම සැකකරු මීට පෙරත් කූට ලේඛන සකසා වරදකරුවෙක් වූ අයෙකු බව පොලීසියද පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් පැවසූ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, “දෙහිවල ගල්කිස්ස සංවිධායක තමයි ටෝනි මොහොමඩ්. ඔහු නැවත වතාවක් NPP මාලිමා සුසංයෝගයෙන් හෙරොයින්, අයිස්වල සහසම්බන්ධය තීව්‍ර කරමින් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට අරන්. දෙහිවල ගල්කිස්ස සංවිධායක ධුරය දරපු කෙනා NPP එකේ නෙමෙයි කියලා කියන්න විදියක් නෑ. හැබැයි NPP හා JVP එකෙන් අයින් කරලා ප්‍රකාශයක් කරයිද දන්නෑ…… පොහොට්ටුවට, නාමල් රාජපක්ෂට ඇඟිල්ල දිගුකළේ. අද අවාසනාවන්ත ලෙස ඒක පාරාවළලක් වෙලා තමන්ගේම ඇඟට කඩන් වැටිලා” යැයි පවසා ඇත.
Copied : https://sinhala.adaderana.lk/news/217053
END/MMP/17112025
