COP30 සමුළුවෙන් පිටත දහස් ගණනක් පෙළපාළි යයි!
මේ දිනවල දී, බ්‍රසීලයේ COP30 දේශගුණික සාකච්ඡා පැවැත්වෙන අතර, දේශගුණික විපර්්යාස හා සම්බන්ධව කටයුතු කරන විරෝධතාකරුවන් දහස් ගණනක් එම සාකච්ඡා පැවැත්වෙන ස්ථානවල සිය ඉල්ලීම් හා විරෝධතාවන් දක්වමින් පෙළපාලි යමින් සිටින බව වාර්තා වේ.
“ඇමසන් නිදහස් කරන්න” යනුවෙන් සදහන් කරමින් සටන්පාඨ කියමින් සහ ස්ලෝගන් ගායනා කරමින්, සත්කාරක නගරයවන බෙලෙම් හි විරෝධතාකරුවන් මෙලෙස හැසිරෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
එසේම “පිළිතුර අපයි” යනුවෙන් කියවන පුවරු ස්වදේශික ආදිවාසී කණ්ඩායම් විසින් ප්‍රදර්ශනය කෙරෙන ආකාරය දක්නට ලැබේ.
වසර 2021 න් පසුව එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා කෙරෙහි මෙවැනි සෘජු විරෝධතා දැක්වීම සදහා පෙළපාළි යාමට අවසර දුන් පළමු අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.
