සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ විරෝධතා අවසන්!

මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවය අදින් (15) අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

සුළං විදුලි බලාගාර ඉදිකිරීම් සම්බන්ධව දින 105ක අඛණ්ඩ විරෝධතාවයක් පැවැති අතර,  රජය සිය ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුන් මෙම විරෝධතාවය එසේ අවසන් කර ඇති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් 27වැනිදා රාත්‍රියේ, සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කළේය.

END/MMP/15112025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *