මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් කෝටි දෙකහමාරක ඉඩමට තහංචි

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එමඟින් වත්කම් උපයා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, වයස අවුරුදු 33ක් වන අරාමය පාර, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව, වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මහර, වරාහේන්තුඩුව ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා නීති විරෝධි ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගත් රුපියල් ලක්ෂ 250ක් වූ ඉඩමක් තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් එම සැකකරු ඊයේ (14) වන අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපල මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed