පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට යෝජනාවක් – හිරුණි ලක්ෂිකා

පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබේ.

භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමේ තීරණය පිළිබඳ අවධානය යොමු කරමින් එම අධීක්ෂණ කාරක සභාව අදාළ යෝජනාව සිදුකර ඇති බව සඳහන් වේ.

මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න පිළිබඳ සොයාබැලිය යුතු බවය.

එමෙන්ම එම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා ඇති අතර සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවිය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නොමැති බව එහිදී නිලධාරීන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed