පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමෙන් ඉගැන්වීමට අපේක්ෂා කරන්නේ මොනවා ද?
ශ්‍රී ලංකාවේ කලින් කලට මතු වන ආන්දෝලනාත්මක මාතෘකා අතර ලිංගික අධ්‍යාපනය නැතහොත් ප්‍රජනන සෞඛ්‍යය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම ද උණුසුම් මාතෘකාවකි.
ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට ගන්නා ලද උත්සහයන් සමාජයෙන් මතුව ආ විරෝධය හේතුවෙන් අකර්මණ්‍ය වී ගිය අවස්ථා කිහිපයක් පැවති අතර බොහෝවිට එම විරෝධයට නායකත්වය දෙනු ලැබුවේ, ආගමික නායකයන් විසිනි.
වත්මන් රජය විසින් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතරට ලිංගික අධ්‍යාපනය ද ඇතුළත් වන බව ප්‍රකාශ වී තිබේ.

‘මේ හැම දෙයක් පිටිපස්සේ ම ඉන්නේ ජාත්‍යන්තර සංවිධාන’
කෙසේ වෙතත්, ඊට ද මේ වන විට විරෝධයක් පළවෙමින් පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම හරහා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට උත්සහ දරන බවට ද චෝදනා එල්ල වේ. මෙලෙස චෝදනා කරන අය අතර මැලකම් රංජිත් කාදිනල් හිමි ප්‍රධාන තැනක් ගනී.
“අපේ කුඩා දරුවන්ට දැන් මේගොල්ලෝ ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා 6 වෙනි වසරේ ඉඳලා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවා. මොනවා ද මේ, දෙමාව්පියන්ට නේද ඒ වගකීම තියෙන්නේ දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. දැන් අධ්‍යාපන ක්‍රමයෙන් මෙන් ම මේ අධ්‍යාපනය, කුඩා දරුවන්ට 6 වෙනි වසරේ, 6 වෙනි වසර වෙනකොට ළමයෙකුට අවුරුදු 11ක් 12ක් ඇති වැඩි ම වුණොත්. මේ වයසේ දරුවන්ටත් මේවා කියලා දෙන්න යනවා ලු. මේවා අතරේ විශේෂයෙන් ම ඔය සමලිංගික සම්බන්ධතා ඇති කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවා ලු, උත්පත්ති පාලනය ගැන දැනුවත් කිරීමක් කරන්න යනවා ලු, මේ හැම දෙයක් පිටිපස්සේ ම ඉන්නේ ජාත්‍යන්තර සංවිධාන, අපේ රට විනාස කරන්නට අරඅඳින ජාත්‍යන්තර සංවිධාන. ඒවා අතර විශේෂයෙන් ම මා මතක් කරන්න ඕනේ එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය UNFPA කියන එක. ඒගොල්ලෝ, ඒගොල්ලන්ගේ සල්ලි දීලා, මේ ආණ්ඩුවට සල්ලි දීලා, අධ්‍යාපන අමාත්‍යංශයට සල්ලි දීලා ඒ සඳහා අවශ්‍ය පොත්පත් මුද්‍රණය කරලා මේ දරුවන් නොමග යවන වැඩපිළිවෙළක් අද ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලබන ජනවාරි 27 වෙනි දා ඉඳලා මේ පාඩම් උගන්වන්න යනවා ලු අපේ ඉස්කෝලවල.”
ලිංගික අධ්‍යාපනය මෙරටට නොගැලපෙන බව පවසන කාදිනල් හිමියෝ, දරුවන්ට එවැනි දේ කියා දීමේ ක්‍රමවේදය පිළිබඳව දෙමව්පියන්ව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිති.
මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවීම සදහා පහත ලින්කුව ක්ලික් කරන්න.