36 වන ඉල්මහ විරු සමරුම නුගේගොඩ දී!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (13) පස්වරුවේ දී 36 වන ඉල්මහ විරු සමරුව නුගේගොඩ දෙල්කද පොල සංකීරණයේදී උත්කර්ෂවත් අන්දමින් සමරණ ලද බව වාර්තාවේ.

1988 -89 කාලයේ දී එක්සත් ජාතික පක්ෂය ඉතාමත් කෲරු අන්දමින් මරා දමන ලද ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර , එම පක්ෂයේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් සහ සමාජිකයින් සිහිකිරීම මෙකී ඉල්මහ විරු  සැමරුමේ මුක්ඛ්‍ය අර්ථය වේ.

මෙවර, විරු සමරුවේ ප්‍රධාන දේශනය පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සමීර කොස්වත්ත විසින් සිදු කර ඇත.

ඉල්මහ විරු ස්මාරකය අභියස රතු කොඩියක් තබා විරුවන් සැමරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයෝ  නිහඩතාවයකින් පසු රැස්විමේ කටයුතු ආරම්භ කළ බවත්,  විරු සමරුම සදහා  දිවයිනේ විවිධ පළාත් වලින් පෙරටුගාමී සමාජිකයින් හා හිතවතුන් පැමිණි බවත් වාර්තා විය.

                        

END/MMP/14112025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed