ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ
2025 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද මානසික සෞඛ්‍ය සතියට අනුරූපීව “ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය” පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 12 වෙනිදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී ව්‍යසන කළමනාකරණය සදහා මනෝ විද්‍යාත්මක ප්‍රවේශයන්හි භාවිතය හා මානසික සෞඛ්‍ය ප්‍රථමාධාර පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව දැනුවත් කිරීම සිදු කරන ලදි.
මේ සදහා සම්පත්දායකත්වය සපයන ලද්දේ රුහුණ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, අම්පාර සමාජ සංවර්ධන ආයතනයේ ස්ථානභාර නිලධාරී, ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශන නිලධාරී ප්‍රගීත් ලසන්ත මුණසිංහ මහතා විසිනි.
ව්‍යසන හා හදිසි අවස්ථාවලදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සේවය අනිවාර්ය මෙන්ම අත්‍යාවශ්‍ය වන අතර ග්‍රාම නිලධාරීන්ගේ හා ආපදා සහන සේවා නිලධාරීන්ගේ සේවය ඒ අතර ප්රමුඛ වන බැවින් එවැනි අවස්ථාවන් සදහා මුහුණ දීමේදී ඔවුන්ගේ මානසික නිරෝගී බව ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වාදීම හා ඒ සදහා අවශ්‍ය දැනුම ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන ග්‍රාම නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් හා උපදේශන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන හා මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ඇතිව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී සුරංජි ශ්‍යාමලී ද සිල්වා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන සංවිධානය කරන ලදි.
GONP/MMP/14112025
