මිල ගැටලුව මුල් කරගනිමින් රට පුරා ගොවීන් අද වර්ජනයක – පහන් සිතුමිණ

දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද ආරම්භ කිරීමට නියමිතයි.

ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු‍ කටයුතුවලින් අද ඉවත් වන බවයි.

පසුගිය කාලය තුළ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල වගා කරන ගොවීන් ද මිල ගැටලු‍ව හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

ඔවුන් අවස්ථා රැසකදීම ඉල්ලා සිටියේ අල සහ ලූනු ආනයනය සීමා කර, දේශීය ගොවියා රැක ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් රට පුරා වර්ජනයක් දියත් කිරීමට තම සංවිධානය තීරණය කර ඇති බවයි දේශීය ගොවි හඬ සංවිධාන කොළඹ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.

මේ අතර, ආරම්භ කිරීමට නියමිත මෙම ගොවි වර්ජනය හේතුවෙන් ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල ද සති අන්තයේ දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර, එළවලු‍ මිල පහත වැටීමක් ද වාර්තා වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *