ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට – නිෂිකා හංසනී

මිනුවන්ගොඩ – අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ‍

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *