උඩින් පොල් යටින් බඩු, තොඩුවාව OIC උකුසු ඇස තුන් රෝදෙට – ප්‍රසාද් පුර්ණමාල්
ත්‍රිරෝද රථයක පොල් පටවා පසුව නීති විරෝධී මත්පැන් ස්ප්‍රිත්තු බෝතල් 200 ක් සගවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තොඩුවාව
පොලිසිය සමත්ව තිබේ . පසුගිය 09 වැනි දින පස්වරුවේ මේ වැටලීම සිදු කර තිබේ . මේ මත්පැන් මුගුනුවටවන ප්‍රදේශයේ සිට රැගෙන පැමිණ ඇති අතර තොඩුවාව ,ඉරණවිල
ඇතුළු ප්‍රදේශ කීපයකට බෙදා හැරීමට නියමිතව තිබී ඇත .
මේ මත්පැන් වල විශේෂත්වය වන්නේ එක බෝතලයකින් බෝතල් හතක නිෂ්පාදනය කිරීමට හැකිවීමයි . ඒ අනුව මේ මත්පැන් වල වටිනාකම දල වශයෙන්
රුපියල්
ලක්ෂ දහසය ඉක්මවන බව තොඩුවාව පොලිස් ස්ථානාධිපති එරන්ජන් දසනායක මහතා පැවසිය .
තොඩුවාව පොලිස් බල ප්‍රදේශයම ආවරණය වන පරිදි 09 වන දින සිදු කල මෙහෙයුමේදී සීෂෙල්ස් රාජ්‍යයේ ධිවර රැකියාව සිදු කර මෙරටට පැමිණ හෑෂ් මත්ද්‍රවය ජාලයකට
සම්බන්ධව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ . ඔහු හලාවත ඉරණවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මේ ජවාරම සදහා අවුරුදු 14 සිට 18 දක්වා
දරුවන් යිදා ගෙන ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත .
සැකකරුවන් ඊයේ 10 මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා ,නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත තොඩුවාව
පොලිස් ස්ථානාධිපති එරන්ජන් දසනායක උප පොලිස් පරීක්ෂක වන ජගත් සුජීව පොලිස් සැරයන්වරුන් වන 68429 කැලුම් ,68364 මාරසිංහ පොලිස් කොස්තාපල්වරුන් වන
10534 රන්දිම ,78182 ඉෂාර යන නිලධාරීන් මේ වැටලීම සිදු කර ඇත .
