ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක් – හිරුණි ලක්ෂිකා

ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වනවිට ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 41,324ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 22ක්.

එසේම මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී ඩෙංගු වෛරස ප්‍රභේද 4 ක් හදුනාගෙන ඇති අතර ලබාගන්නා ලේ සාම්පලවලින් සියයට 40ත් 50ත් අතර ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් බවට තහවුරු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed