පවතින වැසිත් සමග රාජාංගන ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා.
ඒ අනුව, තත්පරයට ඝන අඩි 4340ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහරින බවයි රාජාංගණය භාර වාරි ඉංජිනේරුවරයා කියා සිටියේ.
මේ හේතුවෙන්, කලාඔය අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට සැලකිල්ලෙන් පසුවන ලෙස ද දැනුම් දෙනවා.