කොස්වත්තෙන් පිටරට දුම්වැටි තොගයක් මතු වෙයි –

 

 

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කොට්ටරාමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට
කොස්වත්ත පොලිසිය සමත්ව තිබේ .
පසුගිය 07 වැනි දින පස්වරුවේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත . මේ දුම්වැටි තොගයේ දුම්වැටි 40000 ක් තිබු බව වාර්තා වේ .
අත්අඩංගුවට පත් දුම්වැටි බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත බව සටහන් කර තිබුනත් එය සැක සහිත බව කොස්වත්ත පොලිස් ස්ථානාධිපති සනත් වර්ණකුල මහතා පැවසිය .
මේ දුම්වැටි මිගමුව වෙරල තිරයේ හෝටල් වලට බෙදා හැරීමට නියමිතව තිබිණි
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ උපදෙස් පරිදි කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුල ,මහතාගේ මෙහෙයවීම මත
උප පොලිඔස් පරීක්ෂක දිසානායක ,පොලිස් සැරයනවරුන් වන 49199 පිරිස් . 63476 ජයසිංහ , පොලිස් කොස්තාපල් 102 742 කෝසල යන නිලධාරීන් මේ වැටලීම සිදු
කර ඇත .
සැකකරු හා දුම්වැටි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව් තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *