දැදුරු ඔයේ ඛේදවාචකය – මියගිය ගණන 5ක් වෙයි
දැදුරු ඔයේ දිය නෑමට ගොස් මියගිය පිරිස අතර අවුරුදු 12 සහ 16 වයසේ පසුවන දරුවන් දෙදෙනෙක් වන බව පොලිසිය පවසනවා.
තවත් දෙදෙනෙක් අවුරුදු 19 සහ 27 වයසේ පසුවූ තරුණයන් දෙදෙනෙක්.
මීට අමතරව තවත් අයෙක් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් තිබෙනවා.
මොවුන් මාකොළ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් විනෝද චාරිකාවක් සඳහා පැමිණි අතරතුර දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර පොලිසිය පැවසුවේ 10 දෙනෙකු පමණ එම ස්ථානයේ දිය නාමින් සිට ඇති බවයි.
එහිදී අනපේක්ෂිත ලෙස එම පිරිසෙන් පස් දෙනෙකු දියේ ගිලී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට මියගිය අයගේ මෘතශරීර හලාවත රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අතුරුදන් පුද්ගලයින් සොයා හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක එකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම්වල නිරත වුණා.
