හොරණ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ඝාතනයකට සම්බන්ධ අයෙක් – පොලිසිය – සුමිත් රණවක
හොරණ, මීමනපලාන, සිරිල්ටන්වත්ත, අක්කර 12 ප්‍රදේශයේ ඊයේ (02) දා රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු වන බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ගල්හේනගේ දමිත් පුෂ්ප කුමාර නමැති 45 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු මීවනපලාන, සිරිල්ටන් වත්ත, ප්‍රජා ශාලාව අසල පදිංචිකරුවකු වන අතර කුලී රැකියාවල නියුතු අයෙක්.
මෙම මරණකරු මීට පෙර කපා කොටා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන බවද පොලිසිය පවසනවා.
මෙම වෙඩිතැබීමට අදාලව පෙලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයා සැකකරු ගේ අනියම් බිරිඳ ඝාතනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
මරණකරු එම ඝාතන සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට පසුගිය අගෝස්තු 21 දා ඇප ලබා පැමිණ ඇති බවත් එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවත් කරුණු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මරණකරු, ඊයේ (02) රාත්‍රී 10.23 ට පමණ සිය බිරිඳ සමඟ වෙළඳ සැලකට ගොස් ආපසු පා ගමනින් පැමිණෙමින් සිටියදී මඟ රැක සිටි වෙඩික්කරු බෝර 12 ගිනි අවියකින් වෙඩි තබා තිබූ බව පොලිසිය පවසනවා.
මෙම වෙඩි පහරින් මරණකරු බිම වැටී ඇති අතර, පසුව බිම වැටුණු මරණකරුට තවත් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති බවත් එහිදී ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට දැනුම් දීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබුණා.
වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවිය ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
හොරණ සහකාර පොලිස් අධිකාරී බි. ඒ. ඒකනායකගේ අධීක්ෂණයෙන් හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.
