ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට – හිරුණි ලක්ෂිකා

උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී ඇති අතර මසාර්-ඊ ෂරීෆ් නගරයට මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බව සඳහන් වේ.

භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසයි.

නිරන්තරයෙන් භූකම්පනවල බලපෑමට ලක්වන ඇෆ්ගනිස්තානයේ පසුගිය අගෝස්තු මාසයේ සිදු වූ භූකම්පනයකින් ද පුද්ගලයින් 2,200කට අධික පිරිසක්  මියගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *