පොළොන්නරුව සහ දිඹුලාගල කලාප කාර්යාල අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උතුරු මැද හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන සංචාරයක නිරතව සිටියදී පසුගියදා (31) පොළොන්නරුව සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කර්යල නිරීක්ෂණයට ලක් කළාය.
මෙම අවස්ථාවට අධ්‍යාපන පරිපාලන නිලධාරීන්, ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වී ඔවුන්ගේ සේවා හා පරිපාලන ගැටලු අමාත්‍යතුමියට ඉදිරිපත් කළහ.
ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යතුමිය බොහෝ ගැටලු සඳහා ක්ෂණික විසඳුම් ලබා දීමත් සමඟ, ඉතිරි වූ ගැටලු සඳහා අවශ්‍ය ක්‍රමවේද හා පියවර ගැනීම සඳහා අදාළ බලධාරීන්ට විශේෂ උපදෙස් ලබා දුන්නාය.
අමාත්‍යතුමිය පෙන්වා දුන්නේ මෙම සංචාරයේ අරමුණ වන්නේ පළාත් මට්ටමේ අධ්‍යාපන පද්ධතියේ නියමිත ක්‍රියාකාරීත්වය හා ගැටලු සෘජුව විමර්ශනය කිරීමත්, ගුරු හා සේවක ප්‍රජාවගේ අදහස්වලට සවන් දීමත් බවයි.
මෙම සෘජු නිරීක්ෂණ සහ සංවාද මගින් අධ්‍යාපන පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමටද, පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ අධ්‍යාපන සේවාව තවත් ප්රතිඵලදායී කර ගැනීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යතුමිය පැවසීය.
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පද්මසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි, යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
