ආයුර්වේද වෛද්‍යවරුන් 303කට හෙට පත්වීම් – නිශිකා හංසනී

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින්, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 303 දෙනකු එකවර බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

මෙය 2018 වසරෙන් පසු දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට සිදුකරන ලද විශාලතම තනි බඳවා ගැනීම ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම බඳවා ගැනීම් යටතේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 303 දෙනෙකුට ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී (PGMO) තනතුර සඳහා නව පත්වීම් හිමි වෙනවා.

හෙට (03) පෙරවරු 9ට කොළඹ දිස්ත්‍රි‍ක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී මෙම නව පත්වීම් ප්‍රදානය ‍කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *