මුල් මාසයේම QR ක්‍රමයට තේ පොහොර ලබාදීමේ ඉහල ප්‍රගතියක්!

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්, සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටළු නිරාකරණය කරමින් QR ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයින පුරා ආරම්භ කරන ලදී.

පැවති ක්‍රමවේදය යටතේ පැන නැගුණු ගැටලු ලෙස පොහොර සංස්ථාවෙන් පමණක් පොහොර ලබාදීම හා ඉඩම් ප්‍රමාණය අනුව පොහොර ප්‍රමාණය තීරණය කිරීමත් වෙනුවට පොහොර ලේකම් කාර්යාලයේ අනුමත පොහොර සමාගම් වලින් මෙම පොහොර සහනාධාරය නිකුත් කිරිම හා පොහොර ලබාදීම කඩිනම් කිරිමටත් නව QR ක්‍රමවේදයක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් හඳුන්වාදීමට කටයුතු කරනන ලදී.

මෙතෙක් ඉඩම් ප්‍රමාණය මත පොහොර ප්‍රමාණය තීරණය වුවද, මෙම ක්‍රමවේදය යටතේ මාස තුනක දළු ප්‍රමාණයේ එකතුවේ සාමාන්‍ය අගය මත පොහොර  සහනාධාරයේ ප්‍රමාණය තීරණය කිරීමත් සිදුවේ. ඒ අනුව රජය විසින් කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සදහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000.00 මුදලක් ද කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් වෙත ලබා දීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති.

මෙම පොහොර ලබාදීමේ ක්‍රමවේදය හරහා  ඊයේ (31) වන විට අයදුම්පත් 95,230ක් ලැබී ඇති අතර අදාල දිනට ඒ අතරින් 67,056 දෙනෙකු ලියාපදිංචි කොට ඇත. එමෙන්ම ඒ අතරින් ගොවීන් 49,548 දෙනෙකු සඳහා QR කේතයන් ලබා දෙමින් සහනාධාර තේ පොහොර මෙ.ටෝ 187.4 ක් ලබා දී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 49.33% ප්‍රගතියක් අත් කරගැනිමකි.

පැවති ක්‍රමවේදය සමග සැසඳීමේදී මෙම QR ක්‍රමවේදය ඔස්සේ පොහොර ලබාදීම දීමේ ක්‍රමවේදය වඩා පහසු සහ ක්‍රමවත් බව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන්ගේ අදහසයි.

END/GONP/MMP/01112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *