“තෙවන ඇසට සුවය සදමු” ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂි සායනයක් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන “තෙවන ඇසට සුවය සදමු” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව  ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ අක්ෂී සායනයක් අද (01.11.2025)පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික අක්ෂී රෝහලේ දී ආරම්භ කෙරිණි.

මෙරට වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා මාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරෙන හෙයින්, සෞඛ්‍ය ප්‍රවර්ධනයට මාධ්‍යයේ ඇති වටිනාකම සහ වැදගත්කම හදුනා ගනිමින් පළමුව මාධ්‍යවේදීන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට මුල්තැන දීම අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනාමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අදහස් සහ සංකල්ප එක්කොට “තෙවන ඇසට සුවය සදමු” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන මෙරට ජනමාධ්‍යවේදීන් සදහා නව මුහුණුවරකින් ආරම්භ කෙරිණි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් නිරතවන දීපව්‍යාප්ත සියලුම ජනමාධ්‍යවේදීන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂාකර බලා ප්‍රතිකාර සිදුකිරීම, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවන මාධ්‍යවේදීන් ප්‍රධාන රෝහල්වල සායන සදහා යොමුකිරීම, වෛද්‍ය උපදෙස් ලබා දීම මෙන්ම පසුවිපරම් කිරීම මෙම “තෙවන ඇසට සුවය සදමු”  වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණු වේ.

වත්මන් රජයේ සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” නව්‍ය වැඩසටහනට අනූව මෙරට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන  “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකවන තවත් වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හදුන්වනු ලබයි.

අක්ෂි විශේෂඥ සංගමයේ  විශේෂ දායකත්වය මත පැවැත්වෙන මෙම සායනය සදහා  ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් අක්ෂි පරීක්ෂාකර ගැනීම සදහා එක් වූ අතර විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සියලු වෘත්තීන් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තියන් මෙම විශේෂ සායනය සදහා සිය දායකත්වය ලබාදෙනු ලබයි.

මෙම අවස්ථාවට ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂතුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙදහෙදියන් ඇතුලු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක්ද, ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිටියහ.

END/GONP/MMP/01112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *