වනඅලි තර්ජිත ප්‍රදේශ ආශ්‍රිතව මෙහෙයුමක්!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව,  විශේෂ වන අලි මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එම විශේෂ මෙහෙයුම නොවැම්බර් මස 02වනදා සිට ක්රියාත්මක වන බවත් වාර්තා වෙයි.

අන්දරවැව, රිදීගම, ලියන්ගස්තොට, බැරගම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල ගම්වැදී සිටින වන අලි පලවා හැරීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.

මේ සඳහා වන ජීවී නිලධාරීන්ට අමතරව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී කරවා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

END/MMP/31102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed