හෙළ දිවියට නව අරුතක් – සුව දිවියට බස සවියක් භාෂා ප්‍රතිපත්ති ප්‍රවර්ධන වැඩසටහන – 2025

අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “හෙළ දිවියට නව අරුතක් – සුව දිවියට බස සවියක්” කෑගල්ල දිස්ත්‍රික් රාජ භාෂා ප්‍රතිපත්ති ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා (29)දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් ඉලක්ක කර ගනිමින් අද පැවති මෙම දැනුවත් කිරීමේදී සෘජු මහජන සේවා සපයන ආයතනයක් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි කාර්යභාරයත්, එහිදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ වැදගත්කම සහ එහි අවශ්‍යතාවය පිළිබඳවත් දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය.

හෙළ දිවියට නව අරුතක්- සුව දිවියට බස සවියක් භාෂා ප්‍රතිපත්ති ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ සේවාලාභී අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට භාෂාව මත පදනම්ව ඇතිවන බාධාවන් වළක්වා ගැනීම, ආයතන මට්ටමින් සපයන සේවාවන් සම්බන්ධව සේවා ලාභීන් දැනුවත් කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම ,ආයතන මට්ටමින් ක්‍රමෝපායන් සැලැස්මවල් සැකසීම ලෙස පළවෙනි අදියරේ අපේක්ෂිත ඉලක්කත්, දෙවන අදියරේදී වතු සායන මධ්‍යස්ථානයන්හි සේවය කරනු ලබන සේවකයින් සඳහා ත්‍රෛභාෂිත පුහුණු සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් තුළින් සේවා දායකයින්ගේ කුසලතා සංවර්ධනය කිරීමත් අපේක්ෂිතයි.

වැඩසටහන සඳහා සහභාගි වූ නිලධාරිනියන්ට වෙනත් භාෂාවක් තම මනසට අවබෝධ කරගැනීමේ පහසුව පිණිස මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක් Mind Setup වැඩසටහන යොදා ගනිමින් සිදු කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශන නිලධාරීන රේණුකා ජයරත්න මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
තවද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ,එහි අරමුණු, භාෂා ප්‍රතිපත්තියක පදනම සහ භාෂා ප්‍රතිපත්තියේ නෛතික පසුබිම පිළිබඳව දැනුවත් කිරීම කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නීතීඥ ප්‍රියංගනී මහත්මිය විසින් සිදු කළාය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නිමා වූයේ සායන මධ්‍යස්ථානයන්හිදී ද්විභාෂාවෙන් සේවා සැපයීමට අවශ්‍ය දැනුවත් කිරීමේ පුවරු සැකසීමට අදාළ සාකච්ඡාවකිනි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් භාෂා නිලධාරිනි ඉන්දිකා වීරවර්ධන මහත්මිය ඇතුළේ එම අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් පියදර්ශනී මහත්මිය ඇතුළු පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සහ පවුල් සෞඛ්‍ය හෙද නිලධාරිනියන් පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/30102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *