ජනපති රටම එකතු කර මත්ද්‍රව්‍ය තුරන් කරන්න වැඩ අල්ලදී ,මුලින්ම තොඩුවාව පොලිසිය ගේමට බහි . ජනතාවගෙන් පැසසුම් – ප්‍රසාද් පුර්ණමාල්

 

 

 

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස රැගෙන එන ලද බිඩි කොළ තොගයක් සමග ධිවර බෝට්ටු දෙකක් හා සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තොඩුවාව පොලිසිය
සමත්ව තිබේ . මේ සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයද ලබා ගෙන ඇත .

ඊයේ 30 පස්වරුවේ තොඩුවාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ජන් දසනායක මහතාට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම සිදු කර ඇත .

මේ ධිවර යාත්‍රා දෙක කල්පිටිය ප්‍රදේශයේ ධිවරයනට අයත් වන අතර අත්අඩංගුවට පත් සැකකරු ද කල්පිටියේ පදිංචිකරුවෙකි .

මේ ධිවර යාත්‍රා දෙකේම බිඩි කොළ මිටි තිබී ඇති අතර වැඩි ප්‍රමාණයක් මුහුදට දැමු බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත . මේ යාත්‍රා දෙකේ පැමිණි තුන් දෙනෙකු
මුහුදට පැන පිනා ගොස් ඇත .

වයඹ ජෞශ්ධ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී
රොහාන් පෙරේරා ,නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත තොඩුවාව පොලිස් ස්ථානාධිපති එරන්ජන් දසනායක
උප පොලිස් පරීක්ෂකවරුන් වන ජගත් සුජීව , සරත් කුමාර ,පොලිස් සැරයන් වරුන් වන 29939 හෙට්ටිආරච්චි ,68364 මාරසිංහ ,68429 කැලුම්
පොලිස් කොස්තාපල් වරුන් වන 87744 අබේසිංහ ,88979 ජගදිස්වරන් යන නිලධාරීන් විසින් මේ වැටලීම සිදු කර තිබේ .

රටම එකට ජාතික මෙහෙයුම ජනාධිපතිවරයා විසින් ආරම්භ කර පැය කීපයක් යාමට මත්තෙන් ජනතාවගේද සහය ලබා ගනිමින් තොඩුවාව පොලිසිය සිදුකල මේ වැටලීම
තොඩුවාව ප්‍රදේශවාසීන්ගේ පැසසුමට ලක්විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *