කුලියාපිටියේ රැඳවියා සරමෙන් ගෙල වැලලාගෙන මියයයි – නිශිකා හංසනී

කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (29) දහවල් ඇඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

සැකකරු ගෙල වැලලාගෙන තිබෙන බවට දැනගත් පසු ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණා.

නමුත්, ඒ වනවිටත් සැකකරු මියගොස් සිට තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුට එරෙහිව කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එල්ලවී තිබූ බවට වර්තා වෙනවා.

ඒ අනුව එම සිද්ධි සම්බන්ධයෙන් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි සඳහන් වන්නේ.

සැකකරුගේ දේහය මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *