ලෝක ජනාවාස දිනයට සමගාමීව මීගමුව නිවාස 02ක් හිමිකරුවන්ගේ අයිතියට
ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නිවාස 02ක් නිවෙස් හිමියන් වෙත භාරදීම පසුගියදා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
“තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 16ක් සඳහා ලක්ෂ 10 බැගින් වන නිවාස ආධාර ලබාදීමට සැලසුම් කර ඇත. එම ආධාර යටතේ මෙම නිවාස 02ක ඉදිකර ඇත.
මෙම අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
