අරුවක්කාලු ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අගමැතිනියගේ නිරීක්ෂණයට!

බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ඔක්තොම්බර් 26 වනදා සහභාගී විය.

මෙම අවස්ථාට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි, අසිත නිරෝෂන්, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, අජිත් ගිහාන්, හිරුණි විජේසිංහ, ගයාන් ජානක, ෆයිසාල් මොහොමඩ් යන මහත්ම මහත්මීන්ද , කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරු ද , ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ද ප්‍රදේශයේ ජනතාව ද පරිසර සංවිධාන නියෝජිතයින්ද සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/MMP/28102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *