”සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් වූ නිවාස 68 ක් ජනතා අයිතියට පත් කෙරේ
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ”සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 80කට ආසන්න පිරිවැයකින් යුතුව වැඩ අවසන් වූ නිවාස 68 ක් එම ප්‍රජාව වෙත ලබා දීම ඔක්තෝබර් 25 දා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ, පන්විල කැලෑබොක්ක වතුයායේ, දියනිල්ල කොටසේ දි සිදු කරන ලදි.
වැවිලි ක්ෂේත්රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සැපවත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සිදුු කරනු ලබයි.
පළමු අදියර ලෙස ඕපාතවත්තේන් ආරම්භ වු මෙම ව්‍යාපෘතිය නුවර එළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර, කළුතර,ගාල්ල,කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල වැවිලි ක්ෂේත්රයට සම්බන්ධ නිවාස පේලි 150 ක් හා පවුල් 2200 ක් මෙම ව්‍යාපෘතිය මගින් ප්රතිලාභ ලබයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැවිලි ක්ෂේත්රයේ නියැළි සිටින අපනයනකරුවන් හා වෙළෙඳ සංගම් හා ආයතන විසින් රු.මිලියන 112ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. එම්.බස්නායක මහතා,ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා,මහනුවර දිස්ත්‍රික් ලේකම් – ඉන්දික උඩවත්ත මහතා, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති – සිසිර රණතුංග මහතා, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී – නිශාන්ත පිනසේන මැතිතුමා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
