සුළං වැඩියි: මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්- හිරුණි ලක්ෂිකා

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා.

මොන්තා සුළි කුණාටුව හෙට උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් සවස් කාලයේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *