විශේෂ පොලිස් මෙහෙයුමේදී පුද්ගලයින් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට!
පොලිස් මාධ්‍ය අංශයට අනුව, ඊයේ (26) දින දිවයින පුරා සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකපිට සහ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 781 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙයි.
දිවයින පුරා විසිරී සිටින කුඩා, මධ්‍යම හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම පැවත්වූ බව පොලිසිය පැවසීය.
මෙහෙයුමේ කොටසක් ලෙස, පුද්ගලයින් 29,884 දෙනෙකු පරීක්ෂාවට ලක් බවත්, අපරාධ ක්‍රියාකාරකම්වලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 17 දෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, හිඟ වරෙන්තු සහිත සැකකරුවන් 485 දෙනෙකු මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
වාර්තාවට අනුව, බීමත් රියදුරන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් නොසැලකිලිමත් රියදුරන් 25 දෙනෙකු සහ විවිධ රථවාහන වැරදි උල්ලංඝනය කළ පුද්ගලයින් 4,306 දෙනෙකු හඳුනාගෙන ඇත.
