අපේ විදුහල්පතිට දරුවට මරණ තර්ජන නැවත අපිට දෙන්න
ආරච්චිකට්ටුව කරුක්කුලිය ජයපාල රජයේ විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ඉල්ලා දෙමාපියන් ඊයේ 27 උද්ගෝෂණයක නිරත වුහ . මේ විදුහලේ සිටි විදුහල්පතිවරයා කන්ජුක්කුලිය සාන්ත බෙනඩික් විදුහලට මාරු කර යවා තිබුනේ මිට
මාසයකට පමණ පෙරයි . කන්ජුක්කුලිය සාන්ත බෙනඩික් විදුහලට ගිය විදුහල්පතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයනට මරණ තර්ජන පවා එල්ලාව ඇති බව විරෝධතා කරුවන් පැවසුහ .
මේ අවස්ථාවේදී විරෝධතා කරුවන් ප්‍රධාන මාර්ගය අවහිර කිරීමට සුදානම් වූ අතර එහිදී අරච්චිකත්තුඑඅ ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර හා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන් පැමිණ දින තුනක් ඇතුලත විදුහල්පතිවරයෙකු ලබා දෙන බව පැවසුහ .
අජිත් ගිහාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පොරොන්දුවෙන් පසු විරෝධතා කරුවන් විසිර යන ලදී
