ස.ජ.බ. මන්ත්‍රී ජගත්ට එම් එස් ඩී ආරක්ෂාව – පහන් සිතුමිණ

කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට ඇමති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

ඒ පොලිස්පතිවරයාගේ නියමය මතයි.

ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් ලබාදී ඇති අතර, ආරක්ෂාව සම්බන්ධයෙන්  කෙරෙන තක්සේරුවෙන් පසු තවත් ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ලබාදී ඇත්තේ ඊයේ (25) දින සිටයි.

වත්මන් ආණ්ඩුව යටතේ මෙසේ ඇමති ආරක්ෂාවක් ලැබී ඇති පළමු මන්ත්‍රීවරයා වන්නේ ජගත් විතාන බව ඇමති ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *