ඇල්ල ඔඩිසි පීලි පනී – හිරුණි ලක්ෂිකා

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1041 ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (26) පස්වරුවේ වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලිපැනීමට ලක්ව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොළඹ කොටුවෙන් පෙරවරු 6.30 ට බදුල්ල බලා ගමන් ආරම්භ කළ මෙම අංක 1041 දරන ඇල්ල ඔඩිසි දුම්රිය ද්විත්ව දුම්රිය එංජිම කට්ටල දෙකකින් සමන්විත අතර, එහි පසුපස එන්ජිම සමග දුම්රිය මැදිරියක් මෙසේ පීලිපැන ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවා.

දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයට ළඟාවෙමින් තිබියදී එම දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ දුම්රිය ලූප් එක අසල දී මෙසේ දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවත්, එය යළි පිළිසකර කිරිමට මහනුවර දුම්රිය ස්ථානයයේ සිට දුම්රිය ආපදා සේවක කණ්ඩායමක් පැමිණීමට නියමිත ඇති බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකි යැයි දුම්රිය බලධාරින් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *