ගුරුවරු නොමග යවන ව්‍යාජ ‘Whatsapp’ සමූහයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහිවෙන අධ්‍යාපන සභාව’  මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා ව්‍යාජ ‘Whatsapp’ සමූහයක් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එම සමූහය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන බවය.

එමෙන්ම එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් එම නිවේදනයේ දැක්වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහයන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අදාළ පාර්ශ්වයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Copied: https://sinhala.adaderana.lk/news/216158

END/AdaDerana/MMP/25102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *