රන් වෙළෙඳපොළ කඩා වැටේ: සතියකදී රුපියල් 77,000කින් මිල පහළට – හිරුණි ලක්ෂිකා

පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහල බසිමින් පවතිනවා.

ඒ අනුව සතියක් තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයක්.

මෙරට වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් ලෙසයි.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *