කිඹුල් ප්‍රහාරයකින් අයෙක් මරුට – හිරුණි ලක්ෂිකා

කිඹුල් ප්‍රහාරයට ලක්ව මියගිය බවට සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් බොරලැස්ගමුව දිවුල්පිටිය සූරියමල් මාවතේ ඇවිදින මන්තීරුව අසල වැවේ පාවෙමින් තිබියදී හමුවූ බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි  පුද්ගලයෙක්.

මළ සිරුර සොයාගන්නා අවස්ථාවේදී දකුණු අත, දකුණු කකුල සහ සිරුරේ ස්ථාන කිහිපයක් කිඹුලකු කා දමා තිබූ අතර  අත සහ කකුල සිරුරෙන් වෙන් වී තිබූණා.

මොහු ඉකුත් (21) වැනිදා මාළු ඇල්ලීම සදහා නිවසෙන් බැහැරට ගොස් ඇති බවත් නැවතත් නිවෙසට පැමිණ නොතිතිබූ බවත් වාර්තා වුණා.

දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *