ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගිය බෝට්ටුව හමුවෙයි

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබේ.

Copied: https://sinhala.adaderana.lk/news/216093

END/AdaDerana/MMP/24102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *